තම මවගේ අවසන් කටයුතුවලට පැමිණි දේශපාලන සිරකරුවෙකු වන පියා සමඟ බන්‍ධනාගාර රථයේ නැග යෑමට තැත් කළ දියණිය දුටු සියළු දෙනාගේ සිත් කම්පාවට පත්විය.
පසුගිය 2008 වසරේ දී අත්අඩංගුවට පත්ව මැගසින් බන්‍ධනාගාරයේ රඳවා තැබීමෙන් අනතුරුව පසුගිය වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඞුවම නියමවූ දේශපාලන සිරකරුවෙකු වන සච්චිදානන්දම් ආනන්ද සුදාකරන්ගේ බිරිඳ ආනන්ද සුදාකර් යෝගරානි පසුගිය 15 වනදා මිය ගොස් තිබුණි.
අද (18) දින කිලිනොච්චිය මරුදනගර් ප්‍රදේශයේ සිඳුවූ ඇයගේ අවසන් කටයුත්තට දැඩි ආරක්‍ෂක රැකවල් සහිතව ආනන්ද සුදාගර්ව රැගෙන එන ලද අතර, පැය තුනක කාලයක් සිය බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට අවසර ලබාදී තිබුණි.
අවසන් කටයුතුවලින් අනතුරුව යළි බන්‍ධනාගාර රථයට ඔහු කැඳවාගෙන යන අවස්ථාවේදී තම පියා සමඟ දියණිය ද වාහනයට ගොඩවීමට තැත් කිරීමේ සිද්ධියෙන් පැමිණ සිටි සියළු දෙනාගේම සිත් කම්පනයට පත්වුණි.
ජීවිතාන්තය දක්වා සිරදඞුවම ලැබූ ආනන්ද සුදාකර් දෙදරු පියෙකු වන අතර, පුතා මවගේ දේහය සමඟ සුසාන භූමියට ගිය අතුරතුර දියණිය පියා සමඟ බන්‍ධනාගාර බස් රථයට ගොඩවීමට උත්සහ කර තිබේ. පියා 2008 වසරේදී ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මවගේ රැකවරණය යටතේ ජීවත්වූ දරුවන්ට දැන් දෙමව්පියන් දෙදෙනාම අහිමිවී තිබීම විශේෂත්වයකි.
Please send Mr.Ananda sudakar’s Home address
Please send me Mr.Ananda Sudakar’s Home address And home contact Number to me [email protected]