ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදීමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමෙන් රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හා ලබාදීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (19) තීරණය කර තිබේ.

මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට සහ මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස්දීම හා අල්ලස් ලබා ගැනීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ.

කෙසේ වෙතත් විත්තිකරුවන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන ජූලි 26 තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කර තිබේ. එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුළු සාක්ෂිකරුවන්ට අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top