පොහොර ලබාදීම පැරණි ක්‍රමයටම – ගයන්ත කරුණාතිලක


පොහොර සඳහා වවුචර් පත් ලබාදීමට වෙනුවට සහන මිලට පොහොර ලබාදීමේ පැරණි ක්‍රමය අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ඉඩම්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඒ අනුව වී වගාව සඳහා වන පොහොර මිටියක් රුපියල් 500ක සහන මිලකටද, තේ, පොල්, රබර්, ඉඩඉරිඟු ඇතුළු බෝ 04ක් සඳහා වන පොහොර මිටියක් රුපියල් 1500ක මිලකට ද ලබාදෙනු ඇත.

හිඟයකින් තොරව පොහොර ලබාදීම කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top