හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද්ට යළි විවෘත වරෙන්තුවක්

පුද්ගලයින් 11දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළි විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර පොලිසිය වෙත යැවීම සඳහා එය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා බුද්ධි අංශ හිටපු සාමාජිකයන් දෙදෙනෙකු වන කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා අධිකරණයට අද යළි ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top