ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස සරත් චන්ද්‍රසිරි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා පත්කර තිබේ.

ඒ මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන සරත් චන්ද්‍රසිරි විතාන මහතා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top