ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා එක්දින තරඟාවලියේ ජය පාකිස්තානයට..

සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් තරග තුනකින් සමන්විත. එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ඒ දඹුල්ලේදී ඊයේ (22දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 94ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වීමත් සමගිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 250/6ක් රැස්කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 156ක් පමණි.

පාකිස්තානය වෙනුවෙන් පන්දුවට පහරදෙමින් නායක බිෂ්මා මහරූෆ් ලකුණු 89ක් රැස්කිරීමට සමත්වූවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු 2ක් දවාගත්තාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක් වූ ශ්‍රී පාලි වීරක්කොඩි නොදැවී ලකුණු 29ක් රැස්කිරීමට සමත්වූවාය. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් සානා මීර් කඩුලු 4ක් දවාගත්තාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top