ඉන්දිය අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂකවරිය සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ඉන්දියාවේ මුම්බායි නුවර අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂක, වෛද්‍ය කොමදෝරු ශීලා මතායි මහත්මිය පසුගිය දා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරතවිණි.

ඉන් අනතුරුව එතුමිය, නාවික හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් වෛද්‍ය හා සේවා, රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන මහතා හමුවී සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.

පසුව ඇය කොළඹ නාවික මහ රෝහලේ සංචාරයක නිරත වූ අතර, එහිදී, රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය සහායක අංශයේ නාවිකයන් හමුවී ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කරන ලදී. එහිදී අදහස් දැක්වූ එතුමිය ප්‍රකාශ කර සිටියේ නාවික මහ රෝහලේ පහසුකම් මෙන්ම වෛද්‍ය කාර්යය මණ්ඩලයේ වෘත්තීමය නිපුණත්වය ඉතා ඉහල මට්ටමක පවතින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top