වසර 25කට පසු සිවිල් ගුවන් සේවා දෙපාර්තුමෙන්තුව යටතේ මඩකළපුවට ගුවස් සේවා

මඩකලපුව ගුවන් තොටුපළ යළි සිවිල් ගුවන්සේවා දෙපාර්තුමෙන්තුවට ලබාදී තිබේ. ඒ අනුව අද (25) දිනයේ සිට මඩකළපුව ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා සදහා විවෘත කිරීමට නියමිතය.

මඩකළපුව ගුවන් තොටුපොළ 1958 වසරේ සිවිල් ගුවන් සේවා දෙපාර්ත්තුමේන්තුව යටතේ ආරම්භ කෙරුණි. එකල රට තුළ පැවති යුධමය වතාවරණය හේතුවෙන් වසර විසිපහකට ආසන්න කාලයක් එම ගුවන් තොටුපොළ හමුදාවේ සහ ගුවන් හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා පමණක් භාවිතා කෙරුණි.

වර්තමානයේ රට තුළ පවතින සාමකාමි තත්ත්වය හේතුවෙන් මෙම ගුවන් තොටුපල ප්‍රතිසංවර්ධනය කර රට තුළ අභ්‍යන්තර ගුවන්සේවා ප්‍රචලිත කිරිම හා නැගෙනහිර පළාතේ දේශිය සහ විදේශිය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරිමේ අරමුණින් එය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

පෞද්ගලික ගුවන් සේවා සමාගම් කිහිපයක් රත්මාලන හා මඩකලපුව අතර මගි ගුවන් සේවා පවත්වා ගෙන යාම සදහා කැමැත්ත පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top