දුම්මලසූරිය , උඩුබද්දාව ප්රදේශයෙදී අද අලුයම සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුලියාපිටිය ප්රදේශයේ සිට මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් උඩුබද්දාව ප්රදේශයේදී යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් සිඳුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් තිදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවේ.
උඩුබද්දාව ප්රදේශයේ පදිංචි අවරුදු 18 සහ 19 වයස්වල පසු වන තරුණයින් තිදෙනෙකු මෙලෙස ජීවිත්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි..