මූතූර් ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිළිතුරු දෙන්නැයි එ.සී.එෆ්. වෙතින් ඉල්ලීමක්..

මූතුර් හි ඒ.සී.එෆ්. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ සේවය කළ සහන සේවකයන් ඝාතනයට පත්වීම සිද්ධිය සම්බන්‍ධයෙන් පළිතුරු දෙන ලෙස එම සංවිධානය විසින් ඉල්ලා තිබේ. පසුගිය 2006 වසරේදී ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන Action Against Hunger(ACF) නම් සංවිධානයේ සේවය කළ සහන සේවකයන් 17දෙනකු මූතූර් ප්‍රදේශයේ දී සමූල ඝාතනයට ලක්වුණි.

එම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වා එයට නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එම සංවිධානය යළි ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී එම සංවිධානය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. එම කාල වකවානුවේදී ඉකුත් සමූල ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය සිඳුකළ බවට හමුදාවත්, හමුදාව සිඳුකළ බවට එල්.ටි.ටී.ඊ. සංවිධානය ද එකිනෙකා චෝදනා එල්ල කර තිබීම විශේෂත්වයකි.

එම සමූල ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතුවල කිසිඳු ප්‍රගතියක් නැති බවට එම සංවිධානය චෝදනා කර තිබේ. මෙවැනි අපරාධ ක්‍රියාවන් ගැන පරීක්‍ෂණ පවත්වා පියවර ගැනීට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු යැයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top