හිනිදුම ප්‍රදේශයේදී තරුණියක් ගෙල වැලලාගෙන මියයයි..

හිනිදුම මල්ගල්ල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. ඊයේ (24) දින සවස නිවසේ කාමරය තුළ ඇය ගෙළ වැලලාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. හිනිදුම පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top