විසඳුමක් නොලැබුණේ නම් රජයට සහාය ලබාදීම ගැන සමාලෝචනයක් – එස්. වියාලේන්ද්‍රන්

දෙමළ ජනතාවගේ ගැටළුවලට කඩිනමින් විසඳුමක් නොලැබුණේ නම් රජයට ලබා දෙන සහාය සම්බන්‍ධයෙන් සමාලෝචනයක් සිඳු කිරීමේ තත්වයක් පවතින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

එරාවූර් ප්‍රදේශයේ දී ඊයේ (24) දින පැවැති ජන හමුවකදී ඔහු මේ බව පවසා තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ..

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අපි ජන්දය ප්‍රකාශ කරන්නේ නම් දෙමළ ජනතාව පිළිබඳව තීරණ කිපියක් ගත යුතුයි. තවද එම තීරණ ජනාධිපති සහ අගමැතිවරයා ඉදිරියේ ඔවුන් එය පිළිගන්නේ නම් පමණයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ගැන දෙමළ ජාතික සන්ධානය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.

මෙම රටේ යහපාලන සම්මුති ආණ්ඩුව පිහිටුවීමේ කටයුත්තට ප්‍රධාන කොටස්කරුවන් ලෙස දෙමළ ජනතාව සිටිනවා. සුළු ජාතිකයන්ගේ ඡන්ද බලයෙන් තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තේරී පත්වුණේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කාලය ප්‍රමාද කරමින් ජනතාව මුලා කිරීමේ වැඩපිළිවලක් අනුගමනය කරමින් සිටිනවා. රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකළේ නම් මෙම රජයට දෙමළ ජනතාව සහාය ලබා නොදීමේ තත්වයක් උදාවනු ඇත. යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top