උඩයාර්කට්ටු වැවෙන් හමුදා ගොවිපළවලට ජලය ලබා ගැනීමට එරෙහිව විරෝධතාවක්..

හමුදාව විසින් පවත්වාගෙන යන ගොවිපළවලට උඩයාර්කට්ටු වැවෙන් විශාල ජල පොම්ප යොදා ජලය ලබා ගැනීමේ කටයුත්තට ජනතාව සිය විරෝධය පළ කර තිබේ.

අද (25) දින උඩයාර්කට්ටු පොදු ශාලා පරිශ්‍රයට එක්වූ ජනතාව පරන්දන් – මුල්ලතිව් මාර්ගය දක්වා පාගමනින් ගොස් මාර්ගය අසල විරෝධතාවයක නිරතවූහ. අනතුරුව උඩයාර්කට්ටු වැවේ ජල පොම්ප යන්ත්‍ර සවිකර ඇති ස්ථානයට ගොස් සිය විරෝධය පළ කර තිබේ.

හමුදාවේ මෙම වැඩපිළිවල හේතුවෙන් තම ජීවනෝපාය කටයුතු අඩාලවී ඇති බවට ගොවි ජනතාව කණගාටුව පළ කර තිබේ. හෙට දින ප්‍රාදේශිය ලේකම් සහ දිසාපතිවරයා හමුවී සන්දේශයක් ද භාරදීමට තීරණය කර ඇති බව ගොවීන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top