SRILANKAN NEWS

සරත් වීරවංශ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්..

sarath සරත් වීරවංශජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොයුරු සරත් වීරවංශ මහතා ලබන 16 වනදා දක්වා යළි බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද (07) නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කරමින් රජයට රුපියල් එක්කෝටි පන් ලක්‍ෂයක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය සැප්තැම්බර් 01 වෙනිදා වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැදවූ අතර, සැකකරු සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ චෝදනා පවතින බැවින් ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන ඔහුව ලබන 16 වනදා දක්වා යළි බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.