SRILANKAN NEWS

ඉරණමඩු සිට කිලිනොච්චියට පානීය ජලය සැපයීමේදී අර්බුදකාරි තත්වයක්..

ඉරණමඩු ජලාශයේ සිට කිලිනොච්චියට පානීය ජලය සැපයීමේ දී අර්බුදකාරි තත්වයක් ඇතිව තිබේ. මෙම තත්වය ඉදිරියේදී දැඩිව බලපානු ඇතැයි අදාළ දෙපාර්තුමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කිලිනොච්චියට පානීය ජල සැපයුම ඉරණමඩු ජලාශයෙන් ජලය ලබා එහි සිට ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය විසින් එය පවිත්‍ර කර දැනට ගම්මාන 14කට බෙදාහරමින් සිටියි.

දැනට දිනකට කියුබ් මීටර 200ක ( ලීටර 2000ක්) ජලය ලබා පවිත්‍රා කර ජලය සැපයීම සිඳු කරනු ලැබේ. මෙය ලබන මාසය වන විට දිනකට කියුබ් මිටර 400 දක්වාත් මෙම වසර අවසානයේදී එය කියුබ් මීටර දාහ දක්වාත් ඉහළ යනු ඇති බවත්, අවසානයේ කිලිනොච්චියට අවශ්‍ය පානීය ජලය සැපයීම සම්පූර්ණ කරන විට එය දිනකට කියුබ් මීටර 3800 දක්වා ඉහළ යන බව ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය සඳහන් කරයි.

මෙවැනි තත්වයකදී දැනට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඉරණමඩු ජලාශයෙන් දිනකට කියුබ් මීටර 200ක ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක් පවතින බවත්, විශේෂයෙන් යල කන්න වී වගාවෙන් පසු කාලයේදී කිලිනොච්චියට ඉරණමඩු ජලාශයෙන් ජලය ලබා ගැනීමෙහි දැඩි අර්බුදයක් මුහුණදීමට සිඳුවනු ඇතැයි සඳහන් වේ.

තවද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජලය කෙරෙහි ජනතාව දැඩි විශ්වාසය තබා ජීවත්වන අවස්ථාවක ඉරණමඩු සිට අවශ්‍ය තරම් ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක් ඇති වුයේ නම් දැඩි අර්බුදයකට මුහුණදීමට සිඳුවිය හැකි බව පෙන්වාදී තිබේ.