හිටපු බන්‍ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා අත්අඩංගුවට

2012 වසරේදී සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනයව කිරීමේ සිදුවීම සිදුවන විට මොහු වැලිකඩ මැගසින් බන්ධනාගාරය බාරව, බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇත.

මෙම සැකකරු හා මෙයට අදාළව ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ද අද(29) අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්ථා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top