ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරික්‍ෂණය ලබන මස 7 වනදාට

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරික්‍ෂණය ලබන මස 7 වනදා පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එදින පෙරවරු නවයේ සිට 11 දක්වා කොළඹ 13 / විවේකානන්ද මහා විද්‍යාලය, කොළඹ 12 / හමීඩ් අල් හුසේනි මහා විද්‍යාලය සහ කොළඹ 13 / මැද කොළඹ හින්දු විද්‍යාලය යන මධ්‍යස්ථාන 3කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

කොස්තාපල්වරුන් බඳවා ගැනීම සඳහා වන විභාගයේ ප්‍රවේශ පත්‍ර මේ වන විට අයදුම්කරුවන් වෙත තැපැල් කර යවා ඇති අතර, එය විභාගය පැවැත්වෙන ලබන 7 වනදා වන විට ලැබී නැතිනම් ඒ පිළිබඳ විමසා ප්‍රවේශ පත්‍රයක් ලබාගත හැකි බව පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ.

දුරකථන අංක – 011 243 0362 / 011 233 4601

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top