කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම වාර්ෂිකව අඩුවෙමින් පවතින බවත් එයින් පෙන්නුම් කරන්නේ ජන වාර්ගිකයෙහි පරිහානියක් බව කිලිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජෝන් කුයිරන්ස් මහතා පවසයි.
අද (2) දින කිලිනොච්චිය දී පැවැති දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ..
අප දිස්ත්‍රික්කයේ ඇති පාසල්වලට සෑම වසරකදීම පළමු ශ්‍රේණියට ඇතුලත් වන සිසුන්ගේ සංඛ්‍යාව බලන විට අඛණ්ඩව වසර තුනකදී අඩුවීමක් දැක්නට තිබේ. ඒ අනුව පසුගිය 2016 වසරේදී සිසුන් 2565 දෙනෙකුද, 2017 වසරේදී සිසුන් 2319 දෙනෙකු ද, 2018 වසරේදී සිසුන් 2180 දෙනෙකු ද පළමු ශ්‍රේණියට ඇතුලත් කර තිබේ.
මෙය දිස්ත්‍රික්කයේ ජන වාර්ගිකයෙහි පරිහානිය පෙන්නුම් කරන අතර, දෙමළ ජනතාව අතර දරුවන් වැඩියෙන් හදා ගන්නා පවුල්වලට දිරි දීමනාවක් ලබාදීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යවී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment