SRILANKAN NEWS

වත්මන් ආණ්ඩුව චීනය සමඟ අර්බුදයක් ඇති කරගැනීමට උත්සහ කරනවා – ගම්මන්පිල

uthaya-gammanpila ගම්මන්පිලමෙරට සමීපතම විදෙස් මිතුරෙකු වන චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අර්බුදයක් ඇති කිරීම සදහා වත්මන් මුදල් අමාත්‍යවරයා සහ විදේහ කටයුතු අමාත්‍යවරයා කටයතු කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (07) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

පසුගිය රජය සමයේදී ගනුදෙනු කළ ආකාරය සම්බන්දයෙන් මෙන්ම ඉදිරියේදී ගනුදෙනු කළ ආකාරය සම්බන්ධයෙන්, මෙරට චීන තානාපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තානාපතිවරයාට එරෙහිව විමර්ශනයක් පැවැත්විය යුතු බව මෙරට විදේශ අමාත්‍යවරයා විසින් පවසා ඇති බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා අවධාරණය කර තිබේ.

මෙවැන්නක් තුළින් චීන රජය දැඩි අපහසුතාවයට පත්වනු ඇති බවත් ජනාධිපතිවරයා මැදිහත්ව වහාම මෙම තත්ත්වය මැඩපැවැත්වීම සදහා කටයුතු කළයුතු බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala