SRILANKAN NEWS

මාධ්‍යවේදීයාගෙන්ම අල්ලස් ගැනීමට තැත් කළ මාන්කුලම් පොලීසිය

ඊයේ (2) සවස ඉරණමඩු ප්‍රදේශයේ සිට මුරුකන්ඩි දක්වා ගමන් කරමින් සිටි කිලිනොච්චිය ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුව ඉරණමඩු හංදියට කි.මී. පමණ දුරින් මාර්ගයේ රැඳී සිටි මාන්කුලම් පොලීසියේ රථ වාහන අංශ නිළධාරින් දෙදෙනෙකු නවතා තිබේ.

ඉකුත් මාධ්‍යවේදියා වේග සීමාවට වඩා කි.මී. 68ක වේගයෙන් ගමන් කළ බව පවසා ඔහුගෙන් රියදුරු බල පත්‍රය ලබාගත් දෙමළ පොලිස් නිලධාරියෙකු පැමිණිල්ල සටහන් කර ගැනීමට තැත් කිරීමේ දී වේගය සටහන් වූ උපකරණයෙහි තමන් පැමිණි වේගය පෙන්වන්නැයි ඉල්ලා තිබේ.

එවිට උපකරණයෙන් වේගය නොබලා නැවැත්වූ බවත් ඔබ වේගයෙන් ගමන් කළ බව ද පොලීස් නිලධාරින් පවසා තිබේ. එයට එම මාධ්‍යවේදියා, තමන් මාධ්‍යවේදියෙකු බව හඳුන්වාදී තමන් කි.මී. 68ක වේගයෙන් ගමන් කළ බව කෙසේ පවසන්නේ දැයි විමසා තිබේ.

එයට කිසිඳු පිළිතුරක් ලබා නොදුන් එම පොලිස් නිලධාරින් එම මාධ්‍යවේදියාව විනාඩි 10ක පමණ කාලයන් තබාගෙන පසුව රියදුරු බලපත්‍රය ලබාදී එතැනින් පිටත්වන්නැයි පවසා තිබේ. එයට මාධ්‍යවේදියා, ඔබලා අධික වේගයෙන් පැමිණි බව පවසා නීතියට පටහැනි ලෙස බොරු කියා මාගේ කාලය නාස්ති කළා, ඔබතුමා පැවැසූ පරිදි අධික වේගයෙන් පැමිණි බවට අධිකරණ නොතිසියක් ලබා දෙන්නැයි ඉල්ලා තිබේ.

එයට අදාළ දෙමළ පොලිස් නිලධාරියා, අපි මෙහෙම තමයි කටයුතු කරන්නේ, නුඹට නීතිය දන්නේ නැහැ, පුළුවන් දෙයක් කරන්න අපි බය නැහැ, යැයි බැණ වැදී තිබේ.

ඔවුන් කි.මී. 68ක වේගයෙන් ගමන් කිරීම වරදක් යැයි පවසා එම මාධ්‍යවේදියාව නවතා තැබූ ස්ථානයේ වේග සීමාව කි.මී. 70ක් බවට දැන්වීම් පුවරු පවා සවිකර ඇති ඒ9 මාර්ගය වීම විශේෂත්වයකි. තවද පොලීස් නිලධාරින්ගේ මෙම ක්‍රියාව විඩියෝ කර තිබීම ද එම සිද්ධිය තවඳුරටත් සනාථ කරයි.

මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් එම ප්‍රදේශවාසීන්ගෙන් විමසූ විට, මෑතකදී ස්ථාන මාරුවක් ලැබී පැමිණ සිටින ඉකුත් නිලධාරින් මාර්ගයේ ගමන් කරන්නන්ව හරස් කොට බොරු චෝදනා පෙන්වා දෙමින් එයට අධිකරණයට ගියා නම් දහස් ගණනින් වියදම් වන බව පවසා අල්ලස් ගෙන ඇති බව වාර්තාවේ.

තවද මෙලෙස අල්ලස් ගැනීමේ අරමුණින් එම මාධ්‍යවේදියාව ද නවතා තිබේ. ඔහු මාධ්‍යවේදියෙකු බව දැන ගැනීමෙන් අනතුරුව තම උත්සහ අතහැර ඔහුව පිටත්කර යවා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.