ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ජාතික විගණන පනත් කෙටුම්පත ඊයේ (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

මෙම පනත් කෙටුම්පත විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top