විශ්වාසභංග යෝජනාව තුළින් ආණ්ඩුව තවත් ශක්තිමත් වී ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
මෙම විශ්වාසභංගය රජය ඉලක්ක කර ගත් එකක් බවත් මේ සඳහා මුස්ලිම් මන්ත්‍රීවරු බිලිබා ගැනීම තරයේ හෙළා දකින බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
රජය විසින් ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ආයතන ශක්තිමත් කර ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා කිසිම තැනක වරද කරුවෙකු ලෙස ප්‍රකාශ වී නැති බවත් කී අමාත්‍යවරයා,මේ විශ්වාසභංගය අගමතිවරයාට විශ්වසය පළ කිරීමේ යෝජනාවක් බවට පත් වී ඇති බවත් ඒ සඳහා සහාය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.