යාපනය, නල්ලූර් ප්රාදේශීය සභාව දෙමළ ජාතික සන්ධානය අත්පත්කරගෙන තිබේ. එහි සභාපතිවරයා ලෙස ටී. තියාගමූර්ති මහතා තේරීපත්විය. නල්ලූර් ප්රාදේශීය සභාවේ පළමු සැසිවාරය අද දින පළාත් පාලන කොමසාරිස් එම්. පැට්රික් නිරන්චන් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණි.
එහිදී දෙ.ජා.ස. විසින් සභාපති ධූරය සඳහා ටී. තියාගමූර්ති මහතාවද, දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් කේ. වාසුකි මහත්මියද යෝජනා කළේය. අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී ටී. තියාගමූර් මහතාට ඡන්ද 12ක්ද, කේ. වාසුකිට ඡන්ද 7ක්ද හිමිවිය.
ඉන් අනතුරුව උප සභාපති ධූරයට දෙ.ජා.ස. ජෙයකරන්ව ඡන්ද විමසීමකින් තොරව පත් කෙරුණි.