යුද අපරාධ කළ හමුදා නිලධාරින්, ජාත්‍යන්තර අධිකරණ ව්‍යූහයට කොටුවෙයි..

යුද අපරාධ සිඳු කළ ශ්‍රී ලංකා හමුදා නිලධාරින් ජාත්‍යන්තර අධිකරණ ව්‍යූහයට අසුවෙනු ඇතැයි කැනඩානු පාර්ලිමෙන්තු මන්ත්‍රී හරි ආනන්දසංකරි පවසයි. ජාත්‍යන්තර අධිකරණ ව්‍යූහය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් කෙට් කිල්මෝර් විසින් රටවල් 137කට කළ ඉල්ලීමට අනුව ඔහු මේ බව පවසා තිබේ.

එයට අනුව යුද්දයට සම්බන්‍ධ හමුදා නිලධාරින්ව යුරෝපා රටවල්වලට රැගෙනවිත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතියි. දැනටමත් ශ්‍රී ලංකා හමුදා නිලධාරින් 25 දෙනෙකුගේ නම් මානව හිමිකම් සභාවේදී සඳහන් කර තිබේ. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ.පී. දසනායක යන පිරිසගේ නම් ද එහි ඇතුලත් බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top