හුළු ගඟේ දිය නෑමට ගිය පස් දෙනෙකු ජීවිතක්‍ෂයට

මහවැලි ගඟේ අතු ගංගාවක් වන හුළු ගඟේ පන්විල, කලු පාලම අසළ ප්‍රදේශයේ අද (7) පස්වරුවේ දියේ ගිලි පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනකු සහ පිරිමින් දෙදෙනෙකු බව වාර්තාවේ.

මෙම පිරිස කොළඹට ආසන්න ප්‍රදේශයක ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් බව දිගන පොලීසිය සඳහන් කරයි. මෙලෙස මිය ගිය කාන්තාවන් තිදෙනාගේ සහ එක් පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරු සොයාගෙන ඇති අතර, අතුරුදන්වූ අනෙක් පිරිමි පුද්ගලයාගේ මළ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top