එ.ජා.ප. නායකත්වයේ වෙනසක් සිඳුවන්නේ නැහැ – අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙ කිසිදු වෙනසක් සිදු නොවේ.

කෙසේ නමුත් පක්ෂයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අමාත්‍යවරුන් එකොලොස් දෙනෙකුගෙන් සහ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top