SRILANKAN NEWS

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විදේස් ගමන් තහනම්

banned තහනම්2017 අය වැය විවාදය මුල් කර ගනිමින් ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ලබන 10 වනදා සිට මසක කාලයක් විදෙස් ගමන් කිරීමට පාර්ලිමෙන්තු ආණ්ඩු පක්‍ෂ සංවිධාන කාර්‍යාලය මඟින් උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

ලබක 10 වනදා 2017 වසර සඳහා වූ අයවැය යෝජනාව මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. යම් ලෙසකින් කලින් යොදාගත් රාජකාරි කටයුත්තක් සඳහා විදේශගතවීමට අවශ්‍ය නම් පාර්ලිමෙන්තු ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක කාර්‍යාලයට දැනුම්දිය යුතු බවද පවසා තිබේ.

ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති හෝ ජනාධිපති ලේකම්වරයාගෙන්ද අවසර ලබාගත යුතු බව ද සඳහන් කර තිබේ.