නිව්යෝර්ක් නුවර ට්‍රම්ප්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක්

නිව්යෝර්ක් නුවර ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. ඉන් එක් අයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබුණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසක් සහ කාර්යාලයක් මෙම ගොඩනැගිල්ල පිහිටා තිබේ. ගින්න හටගෙන ඇත්තේ, ගොඩනැගිල්ලේ 50 වැනි මහලේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගින්නට හේතුව අනාවරණය වී නොමැත. ගින්න මැඩපැවැත්වීම සඳහා සියයකට අධික ගිනි නිවස භටයින් පිරිසක් එකතු වී සිටි බව සදහන් වේ.

තුවාල ලබා ඇත්තේ, ගිනි නිවන භටයින් තිදෙනෙකි.

නමුත්, ගින්න හටගන්නා අවස්ථාවේ ඔහු වොෂින්ටන් නුවර සිට ඇති බව වාර්තා වේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මෙය ඉතා හොඳින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top