තෙදින සංචාරයක් සඳහා යාපනයට පැමිණ සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා ඊයේ (8) දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කළේය.
අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා රැසක බලය හිමිකර ගැනීම හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව හා මධ්‍යම පළාත් සභාවල අමාත්‍යවරුන් වන සෙන්දිල් තොණ්ඩමන් සහ එම්.රමේෂ්වරන් යන මහත්වරුන් ද සහභාගී වූහ.
Add Comment