රජවැල්ල, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එකම පවුලේ පියා, පුතා සහ දියණිය මිය ගොස් ඇත.
ඉන්දික පුෂ්ප කුමාර ප්‍රේමතිලක නැමැති 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 13 හැවිරිදි දුල්මි නවාංගනා ප්‍රේමතිලක නැමැති ඔහුගේ දියණිය සහ වයස අවුරුදු 05ක් වන දිලේෂන ගයාන් ප්‍රේමතිලක නැමති ඔහුගේ පුතා මෙලෙස මිය ගොස් තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.