SRILANKAN NEWS

ආවා යැයි තම පක්‍ෂයේ ක්‍රියාකරුවකු අත්අඩංගුවට අරන් – ගජේන්ද්‍රකුමාර්

gajenthirakumar ගජේන්ද්‍රකුමාර්තම පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකරුවකු වන එලුක තමිල් වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයකුව ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

යාපනය පිහිටි එම පක්‍ෂ කාර්‍යාලයේ ඊයේ සඳුදා දින පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.

පසුගිය සෙනසුරාදා දින අප කාර්‍යාලයට ආරක්‍ෂක නිළ ඇඳුමින් පැමිණි පිරිසක් කාර්‍යාලයේ සිටි අලෙක්ස් අරවින්දන් නැමැති පක්‍ෂයේ ක්‍රියාකරුවකුව අත්අඩංගුවට ගෙන ගොස් තිබේ. මේ සම්බන්‍ධයෙන් යාපනය පොලීසියෙන් විමසූ විට එලෙස කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පවසා සිටියේය.

ඉන්පසු මානව හිමිකම් කොමිසමට පැමිණිළි කළෙමු. එහිදී අදාළ ක්‍රියාකරුව ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්ණ කිරීමක් සඳහා කැඳවාගෙන ගොස් ඇති බවත්, පැය 24කින් පසු විභාග කටයුතු අවසන්වූ පසු ඔහුව නිදහස් කරන බවත් නැතිනම් අත්අඩංගුවට ගන්නා බවද පවසා තිබේ.

නමුත් පැය 48කට වැඩි කාලයක් ගතවූ නමුත් මෙතෙක් ඔහු ගැන කිසිඳු තොරතුරක් ලැබි නැහැ. එලුක තමිල් වැඩසටහනින් පසු දෙමළ ජනතාව අතර පිඹිදීමක් දැක්නට ඇත. ඒ අතර, සරසවි සිසුහු ඝාතන සිද්ධියෙන් සරසවි ප්‍රජාව අතරද පිඹිදීමක් ඇතිවී තිබේ.

එමෙන් උතුරේ අසාමාන්‍ය තත්වයක් පවතින බව පෙන්වාදී සිසුන්ගේ ඝාතනය සාධාරණය කිරීමට මෙලෙස උතුරේ අසාමාන්‍ය තත්වක් උද්ගතව ඇති බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටියි. දැනට ත්‍රස්ත විමර්ශන අංශය මගින් මේ සම්බන්‍ධයෙන් විමර්ශණය කිරීමට හේතුව ජනතාව අතර භීතියක් ඇති කිරීමය.

දරුණු නීතියක් වන ත්‍රස්ත විමර්ශන නීතිය අහෝසි කරන්නැයි ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ලවන අවස්ථාවක එය අහෝසි කර එයට වඩා බරපතල නීතියක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම රජය ද දෙමළ ජනතාව මර්ධනය කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ. විපක්‍ෂය යැයි කියා ගන්නා දෙමළ ජාතික සන්ධානයද ආණ්ඩුවට පක්‍ෂපාතීව කටයුතු කරන බව ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා වැඩිදුරටත් පැවැසීය.