මහලේකම් ධුරය භාරගන්නැයි අමාත්‍ය නවීන් දිසානායකගෙන් ඉල්ලයි.

පක්‍ෂ මහලේකම් ධුරය භාර ගන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර පක්‍ෂයේ මහලේකම් ධුරය දරන්නා අමාත්‍යවරයෙකු නොවිය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගෙන ඇති අතර ඒ අනුව තම කැබිනට්‌ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වී අදාළ තනතුර භාරගන්නැයි එම මන්ත්‍රීවරුන් පිරිස අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පවත්වන ලද විශේෂ රැස්වීමේදී අදාළ දේශපාලන මණ්‌ඩලය පත් කිරීමේ ඡන්දයෙන් ඉහළම ඡන්ද ප්‍රමාණයක් හිමිවූයේ නවීන් දිසානායක මහතාට බැවින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top