SRILANKAN NEWS

ශ්‍රී.නි.ප. ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි – චන්ද්‍රිකා කුමාරතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨඋපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබේ.

ඇමැති ධුර වලින් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය බවට අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (09) රාත්‍රී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී කල යෝජනාවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි ලෙස විරෝධය පළකර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. පරාජයවුයේ එක්සත් ජාතික පක්‍ෂය නිසා නොවන බවත්, එම පරාජයට පක්‍ෂයේ ඇතමුන් වගකිව යුතු බවද ඇය පෙන්වාදී තිබේ. ජනවාරි 8 වනදා ජනතාව විසින් පලහා හරිනු ලැබූ මිනීමරුවන්, දූෂිතයන් යළි සම්බන්‍ධකර ගැනීමට කටයුතු කිරීම නිසා පක්‍ෂය අද මෙලෙස කඩා වැටි ඇති බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුටරත් පවසා තිබේ.