තිවංක සහ ඉෂාන්ගෙන් තවත් බොක්සිං පදක්කම් දෙකක්

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර දීමට තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර සමත්වූහ.

ඒ ඔවුන් මුහුණදුන් අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පරාජය වීම හේතුවෙනි.

තිවංක රණසිංහ අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ ගලාල් යෆීල්ට මුහුණදුන් අතර තිවංක කිලෝ ගෑරෑම් 46-49 බර පංතිය නියෝනය කරමින් තරග කළේය.

ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ ගෞරව් සෝලාංකි හට මුහුණදුන්නේය.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව මේ දක්වා හිමිකර ගත් වැඩිම බොක්සිං පදක්කම් සංඛ්‍යාව මේ වනවිට හිමිකරගෙන තිබේ.

මෙම පදක්කම්ද සමගින් ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දක්වා පදක්කම් 05ක් හිමිකරගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top