SRILANKAN NEWS

ටිරාන් අලස් මුදාහරින්නැයි නියෝගයක්

ටිරාන් අලස්හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය දුන් නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ අනුව, ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාරයෙන් මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම මේ මස 10 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට අභියාචනාධිකරණය දැනුම්දී ඇත.