ස්පාඤ්ඤයේ සිට මෙටර මාධ්‍යවේදියෙකුට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ස්පාඤ්ඤයේ සිට මෙරට මාධ්‍යවේදියෙකුගේ නමට එවා තිබූ හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිම මත ලිස්සන පුවරු තොගයක සඟවා කිලෝ එකයි ග්‍රෑම් 400ක ප්‍රමාණයේ හෂීස් තොගයක් මෙලෙස එවා ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 15ක් පමණ වන බව රේගුව සඳහන් කරයි.

අදාළ පාර්සලය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකුගේ නමට එවා තිබෙන අතර, එම පාර්සලය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී රේගු නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top