ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස නීතිඥ සිසිර කොඩිකාර වැඩ බාර ගනියි..

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස නීතිඥ සිසිර කොඩිකාර මහතා ඊයේ(17) සිය නව ධූරයේ කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරී නිලධාරිනියන් රැසක් එක්ව සිටියහ.

ගාල්ල බටපොළ දී උපත ලබා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එස්.ටී.කොඩිකාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top