SRILANKAN NEWS

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉන්දිය රජය උදව් කළ යුතුයි..

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉන්දිය රජය උදව් කළ යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අවධාරණය කර තිබේ. ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින විග්නේෂ්වරන් මහතා මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මේ බව පවසා තිබේ.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉන්දිය රජය සහාය ලබාදිය යුතු බවත්, තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ වත්මන් තත්වය ගැන ඉන්දිය රජය සමීක්‍ෂණයක් සිඳුකර, ඔවුන්ගේ ජීවනෝපාය තවඳුරටත් නඟා සිටුවීමට පියවර ගත යුතු යැයි හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉන්දිය රජය යහපත් කටයුතු රැසක් සිඳුකර ඇති නමුත් තවඳුරටත් උදව් ලබාදීමට අවස්ථාවන් තිබෙන බවද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.