ඉදිරි මහ කන්නය වෙනුවෙන් අවශ්‍ය රසායනික පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කර සිටින්නේ උපරිමය අක්කර 05 ක් ලෙස කිලෝ 50 ක පොහොර මිටියක් රුපියල් 500 ක මුදලකට ලබාදීමට කටයුතු කරන බවයි.
වෙනත් වගාවන් සඳහා සාමාන්‍ය වෙළෙඳපොළොන් රුපියල් 1500කට කිලෝ 50ක පොහොර මිටියන් ලබාගැනීමට හැකියාව ඇති බවත්, වී වගාව සඳහා පොහොර ලබාදීමේ දී රජය විසින් රුපියල් 3000ක් ද, වෙනත් වගාවන් සඳහා 2000ක් ද වශයෙන් සහනාධාරයක් ලබාදීමට කටයුතු කොට ඇතැයි ද වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment