ත්‍රීරෝද සඳහා වූ මීටර් නීතිය අසාධාරණයි – සමස්ථ ලංකා ත්‍රීරෝද රථ සංගමය කියයි

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා ඊයේ දින (20) සිට ක්‍රියාත්මකවන මීටර් නීතිය, දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පැවසීය.

මෙවැනි නීතියක් මගින් ත්‍රීරෝද රථ කර්මාන්තය කඩා වැටීමකට පත්වන අතර බලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මීටර් සමාගම් පොහොසත් කර ඉන් කොමිස් මුදලක් උපයා ගැනීම බවද දිසානායක මහතා සඳහන් කළේය.

කැමති පුද්ගලයින්ට මීටර් සවි කළ හැකි අතර මගීන්ට අවශ්‍ය නම් මීටර් සහිත ත්‍රීරෝද රථ පමණක් භාවිතා කිරීමේ හෝ නොකිරීමේ නිදහසක් තිබෙන බවද සභහපතිවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top