නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් පිට රට ගෙන යෑමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන්. මගී යුවළක් අද (22දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී එහි ආරක්ෂක නිලධාරීන් විසින් රේගු අත් අඩංගුවට පත් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් කොළඹ , මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික යුවළක් බව රේගුව ප්‍රකාශ කළ අතර , මෙහි පිරිමි පුද්ගලයා වයස අවුරුදු 34 ක අයෙකු වූ බවත් , කාන්තාව 31 වැනි වියේ පසු වන බවත් රේගුව පැවසීය.

ඔවුන් විසින් රැගෙන එනු ලැබූ සිය අත් බෑග් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්කෑන් පරීක්ෂාවට ලක්කරන විට ඒ තුළ සඟවාගෙන තිබූ කිලෝග්‍රෑම් 02 , ග්‍රෑම් 355ක් බර රත්තරන් කැබලි තොගයක් සොයාගෙන තිබුණි. එම රත්තරන් තොගයේ මුළු වටිනාකම රුපියල් 91,13,850 ක් බව රේගුව ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top