නීති විරෝධි දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබු දුම්වැටි කාටුන් 153ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒවායේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ තිස් දහසක් පමණ වන බවද සදහන්. අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු රේගු භාරයට ගෙන ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top