වව්නියාවේ දී පාසල් සිසුවෙකුට වව්නියාව – පූවරසන් කුලම් හරහා ගමන් කරන ලංගම බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු එක්වී පහරදී තිබේ.
ඉකුත් ලංගම බස් රථයේ රියදුරු සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුවා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් රියදුරු, කොන්දොස්තරවරයා සහ තවත් පුද්ගලයෙකු එක්වී එම සිසුවාට පහරදි තිබේ. අනතුරුව අසල සිටි ප්රදේශවාසීන් සහ බස් රථයේ ගමන් කළ මඟින් සිසුවා බේරාගෙන ඇති අතර, එම අවස්ථාවේදී රියදුරු සහ කොන්දොස්තරවරයා බීමතින් සිටි බවද චෝදනා කර තිබේ.
මේ අතර, රියදුරු සහ කොන්දොස්තරවරයා එම සිසුවා සොරකම් කළ බවට චෝදනා කර ඇති නමුත්, ලංගම බස් රථයේ රියදුරු පුද්ගලික බස් රථයක් සමඟ තරඟකාරි ලෙස වේගයෙන් ගමන් කිරීම සම්බන්ධයෙන් එම සිසුවා රියදුරු සමඟ කතා කිරීමෙන් අනතුරුව සිඳුවූ බහින්බස්වීමකින් මෙම පහරදීම සිඳුවූ බවට බස් රථයේ ගමන් කළ මඟින් පවසා තිබේ.
Add Comment