වව්නියාව පරිශ්‍රයේ බුදු පිළිමය තැන්පත් කිරීමේ සිද්ධිය – යාපනය සරසවි සිසුන් වව්නියාවට

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පරිශ්‍රයෙහි පරිපාලනය සහ සිංහල සිසුන් අතර සාකච්ඡා කර එහි සාමකාමී තත්වයක් ඇති කිරීමේ අරමුණින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් වව්නියාවට පැමිණීමට නියමිතය.

වව්නියාව පරිශ්‍රයදී බුදු පිළිමයක් තැන්පත් කිරීමට සිංහල සිසුන් උත්සහ කිරීමෙන් ඇතිවූ නොසන්සුන්කාරි තත්වයෙන් අනතුරුව එම පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

පරිපාලනයෙහි අනුමැතියකින් තොරව මෙලෙස බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සහ කිරීමෙන් පරිපාලනය විසින් එය තහනම් කිරීමෙන් අනතුරුව පරිපාලන කාර්‍යාලය වටා රැස්වූ සිංහල සිසුන් නිලධාරින්ට එයින් පිටත්වීමට නොදී බාධා කර තිබුණි.

ඉන් අනතුරුව පරිපාලන ප්‍රධානියා පොලිසියට දැනුම් දීමෙන් පසු නිලධාරින්ට එම ස්ථානයෙන් ආරක්‍ෂාකාරීව පිටත්වීමට කටයුතු කර තිබුණි. මෙවැනි තත්වයකදී එහි ඇතිවී තිබෙන නොසන්සුන්කාරි තත්වය සමතය කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පරිශ්‍රයෙහි පරිපාලනය සහ සිංහල සිසුන් අතර සාකච්ඡා කර එහි සාමකාමී තත්වයක් ඇති කිරීමේ අරමුණින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් වව්නියාවට පැමිණීමට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top