පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දක්‍ෂතා දැක්වූවන්ට ජනපතිගේ ඇගයීමට

2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාව සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගනිමින් මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මෘතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබද මෙහිදී ජනාධිපතිතුමා සියලූදෙනා වෙත තම ස්තූතිය පිරිනැමීය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනාගත් ෙජ්.ඒ.සී. ලක්මාල් සහ බී.ඩී. හංසනී ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනුෂා කොඩිතුවක්කු, මෙන්ම ලෝකඩ පදක්කම් දිනාගත් තිවංක රණසිංහ හා ඉෂාන් සෙනෙවිරත්න බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම මේ ස`දහා දායක වූ පුහුණුකරුවන් ද ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top