ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඊයේ (08) පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් අදහස් පළකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ”ආබාධිත රණවිරු විරෝධතාවයට පොලීසිය විසින් අතින් පයින් පහර දී නැති බවත්, ජල ප්‍රහාරයක් පමණක් එල්ල කර ඇති බවත් සඳහන් කළේය.
එම සිදුවීම සිදුවෙද්දී තමන් සිටියේ ඉන්දියාවේ බවත් තමන් මෙරට සිටියේ නම් එසේ හෝ පහර දීමක් සිදුවීමට ඉඩ නොතබවන බව කියා සිටියේය. තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න ‘අසරණ රණවිරුවන්’ නොදන්නා බව ද ජනාධිපතිවරයා එහිදී පැවසිය.
විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
“මේ ව්‍යාපාර පිටුපස වෙනම මෙහෙයවීම් තිබෙනවා. ඒවා දේශපාලන මෙහෙයවීම්. මේ අසරණ රණවිරුවෝ දන්නේ නැහැ ඒ අය මෙහෙයවුවේ කවුද කියලා. ඇතැම්විට ඒ අයගෙන් එක් අයෙක් පමණක් දන්නවා ඇති මෙහෙයවුවේ කවුද කියලා” ජනාධිපතිවරයා සඳහන් කළේය.