SRILANKAN NEWS

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා මැයි මස 10 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

බැඳුම්කර වංචාව පිළිබඳව වත්මන් මහ බැංකුවේ අධිපතිවරයා කළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේ මෙලෙස නියෝග කර තිබේ.

මේ අතර, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ රතු නිවේදනය රටවල් 192ක බලාත්මක බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.