රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අද (28) ප.ව. 1.45ට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

තෛයිනිකායික මහා සංඝරත්නය සහ බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ද සහභාගී වන මෙම උත්සවයේ දී වෙසක් සමරු මුද්දර නිකුත් කිරීම, සහ ධර්ම ශස්ත්‍රීය පොත් එළිදැක්වීම ද සිදු කෙරේ.

උත්සවය අවසානයේ බිංගිරිය ජාතික වෙසක් කලාපය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කිරීමට නියමිතය.

මැයි දෙවැනි දා දක්වා පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් උත්සවයේ දී පුරාවිද්‍යාත්මක, අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශන, වෙසක් පහකූඩු නිර්මාණ, භක්ති ගීති සහ බොදු ගී වැඩසටහන් වෙසක් නාට්‍ය, ඡයාරූප හා චිත්‍ර ප්‍රදර්ශන, අධ්‍යාපනික වැඩසටහන් හා සංස්කෘතික වැඩසටහන් ද පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top