ආබාධිත රණවිරුවන්ට පහරදීම සම්බන්‍ධ කමිටු වාර්තාව අද අගමැතිට

investigation-1 පරීක්‍ෂණකොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද දිනය වන විට ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.

නියෝගය ප්‍රකාරව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් ජගත් විජේවීර මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට වැඩ බලන ‍නියෝජ්‍ය ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ සභාපතිත්වයෙන් පත්කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සහකාර ‍ලේකම් නිශාන්ත වීරසිංහ සහ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top