දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් 17කට තුවාලයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

කඩවත සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටී වැදිමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බස් රථයෙන් ගමන් කළ පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා කරාපිටිය සහ ඇල්පිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් මේ වන තෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නැත. අනතුර සම්බන්ධයෙන් පින්නදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top